Colombo Today Local News

“දුම්පානය කරන්නෝ මෝඩයෝය” – වවුනියාවේ ප්‍රචාරක පෙළපාළියක්

”දුම්පානය කරන්නෝ මෝඩයෝය” යන තේමාව යටතේ වවුනියාව එක්සත් ස්වාධීන තරුණ සංගමය අප්‍රේල් පළමු වෙනිදාට යෙදී තිබෙන මෝඩයාගේ දිනය යැයි හඳුන්වන දිනයේදී ප්‍රචාරක පෙළපාළියක් සංවිධානය කොට තිබුණි.

වවුනියාවේ චින්තාමනී කෝවිල අසලට එක් වූ තරුණයෝ විශාල පිරිසක් දුම්පානය කරන්නෝ මෝඩයෝය යන පණිවුඩය රැගත් පෝස්ටර් හා බැනර් රැගෙන වවුනියාව නගරය පුරා යතුරු පැදිවලින් ගමන් කළහ.

එසේ යන අතරතුරදී හමුවන ජනතාවට පත්‍රිකා බෙදමින් ජනතාව දැණුවත් කරමින් දුම්බීමට එරෙහිව වවුනියාවේ එක්සත් ස්වාධීන තරුණ සංගමය විරෝධතාවයක් දැක්වීය.

වවුනියාව නගරයේ දුම්වැටි අලෙවිකරණ වෙළෙඳසැල් ඉදිරියේ නතර වෙමින් ඔවුන් එම ස්ථානවලට පැමිණ දුම්වැටි මිලට ගන්නා පිරිසද දැණුවත් කළහ.

Related posts

සියලුම මුස්ලිම් ඇමතිවරුන් තනතුරු අත්හරිති…

colombotoday

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

සැක කටයුතු පුද්ගල මළ සිරුරක් සොයාගනී

colombotoday

ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී…

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday

ඥානසාර හිමිගෙන් රජ වැඩක් එන අගෝස්තුවේදී

colombotoday