අගමැති රනිල් වික්රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු 06 දෙනා ඒකමතිකව තීන්දු කර ඇත.ඒ අනුව විශ්වාසභංගයට පක්ෂව ජවිපෙ මන්ත්රීන්ගේ ඡන්ද හයක් ලැබෙනු ඇත.
විශ්වාසභංගය පිළිබඳ ජවිපෙ පවසා ඇත්තේ එය තවත් පුළුල් විය යුතු බවය.
එම කරුණු තම පක්ෂය විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී කතා කිරීමට බලාපොරොත්තු වන බව ජවිපෙ නායක හා විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පවසා තිබුණි.