Colombo Today Local NewsGossip

ෆිෂ් තෙරපි මගින් HIV ඒඩ්ස් බෝ වීමේ අවධානමක්

ලොව පුරා මහත් සංචාරක ආකර්ෂණයක් ගෙන ඇති මසුන් භාවිතයෙන් සිදුකරණ පාද සම්භාහනය පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඒ මෙලෙස සිදුකරණ සම්භාහනය මගින් භයානක රෝගී තත්වයන්ට ගොදුරු වීමේ අවධානමක් පවතින බවට හෙළිදරව් වීමත් සමඟයි.

මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව තහවුරු වී ඇත්තේ HIV ඒඩ්ස් සහ හෙපටයිටීස් C යන රෝගී තත්වයන් මෙලෙස බෝ වීමේ අවධානමක් පවතින බවයි.

කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එවැනි සම්භාහන සිදුකිරීමේදී ජලයේ සිටින ශුද්‍ර ජීවීන් හරහා මෙලෙස රෝගී තත්වයන් බෝ වීමේ ඉඩකඩ පවතින බවයි.

ඔවුන් පවසන්නේ රෝගී පුද්ගලයෙකු සම්භාහනය කිරීමෙන් අනතුරුව එම කුඩා මත්සයන් සිටින ජලයේ තවත් පුද්ගලයෙකු පාද සම්භාහනය කිරීමෙන් මෙහි අවධානම ඇතිවන බවයි.

මේ වනවිට ආසියාවේ මෙන්ම එංගලන්තය වැනි රටවලද මෙම පාද සම්භානය බෙහෙවින් ප්‍රචලිතව තිබීම විශේෂත්වයක්.

මෙම මත්ස්‍ය සම්භාහනය ඔස්සේ සිදුවන්නේ මිනිස් සමේ මැරුණු සෛල මසුන් විසින් ආහාරයට ගැනීමයි.

එමගින් නිරෝගීභාවය ලබාගැනීමයි මත්ස්‍ය සම්බාහනයේ ප්‍රධාන අරමුණ වන්නේ.

මේ අතර ඇතැමුන් බොහෝ අවස්ථාවල මානසික තත්වයන් වැඩිදියුණු කරගැනීමටද මෙලෙස මත්ස්‍ය සම්භාහනය සිදුකිරීමට පෙළඹීම විශේෂත්වයක්.

එංගලන්තයේ පමණක් මේ වනවිට මෙවැනි මතස්‍යයන් ඔස්සේ සම්භාහනය සිදුකෙරෙන ස්ථාන 280ක් පමණ තිබෙන බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

Related posts

හින්දු සම්මේලනයේ ප්‍රධානින් අස්ගිරි මහනායක හිමි හමුවෙයි

colombotoday

හිරුනිකා ගැන කියවෙන බුකියේ කෝලං

colombotoday

ගෝඨාගේ ජයට අබමල් රේණුවකින්වත් ශ්‍රීලනිපය හානි කරන්නේ නෑ. තිලංග සුමතිපාල

colombotoday

බස්නාහිර සභාවේ අලුත් පිවිසුම් දොරේ ඇස්තමේන්තුව වටිනාකම ලක්ෂ 72යි… ලක්ෂ 83ක් වියදම් කරලා….

colombotoday

එජාප අපේක්ෂකයෙක් අම්බානක නෙලයි.. පොහොට්ටු ආධාරකරුවෝ රෝහලේ.. පොලිසිය නීතිය නමයි !

colombotoday

ඔස්ට්‍රේලියාවටත් වඩා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබෙනවා. තවත් අලුත් ක්‍රීඩාංගන ඕනි නෑ – අර්ජුණ රණතුංග කියයි

colombotoday