Colombo Today Local News

බුද්ධගයා මහා විහාරයට දැඩි ආරක්ෂාවක්

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයා මහ විහාරයට ත්‍රස්තවාදීන් විසින් දෙවැනි වරටත් බෝම්බ බිය ඇති කිරීම නිසා බුද්ධගයා විහාරය හා බුද්ධගයාව පුදබිම අවට ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළුව අධි තාක්ෂණික උපකරණ සවිකර දැඩි ආරක්ෂාවක් සැපයීමට බිහාර් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

බුද්ධගයා විහාරය හා පුදබිම තුළ සිවිල් හා නිල ඇඳුමෙන් සැරසුණු ගයා පොලිසියේ නිලධාරීන්, විනයාරක්ෂක පොලිස් සෙබළුන්, කොමාන්ඩෝ හා යුද හමුදා සෙබළුන් සියයකට අධික පිරිසක් දිනපතා ආරක්ෂාවේ නිරත වේ.

ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනීය, පූජනීය ස්ථානයක් වූ බිහාර් ප්‍රාන්තයේ (ගයා ප්‍රදේශය) පිහිටි බුද්ධගයාව හා ඒ අවට ආරක්ෂාව දැඩි කිරීමත් සමඟ බුද්ධගයාව වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන සියලුම බැතිමතුන් දැඩි අපහසුතාවකට පත්වුවත් පසුගිය සති කිහිපය පුරාම ශ්‍රී ලාංකික, බුරුම, සියම්, තායිලන්ත, නේපාල, මියන්මාර, ඉන්දුනීසියාව හා චීන යන බෞද්ධ රටවල ආගමික නායකයන් මෙන්ම බැතිමත්හු විශාල වශයෙන් බුද්ධගයාව වෙත පැමිණ සිටියහ.

බුද්ධගයා මහ විහාරයට ඇතුළුවීමේදී පසුගිය වසර තුනකට ඉහතදී පැවැති ලිහිල් නීතිය සම්පූර්ණයෙන්ම අහෝසි වී තිබෙන අතර බුද්ධගයාවට ඇතුළු වන ප්‍රධාන පිවිසුම ඉදිරිපිටම ආරක්ෂිත බංකරයක් ඉදිකර ස්වයංක්‍රිය ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා තිබේ.

බුද්ධගයා විහාරය හා අවට දිවා රාත්‍රියේ ස්වයංක්‍රිය ආයුධ සහිත පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා තිබේ. බුද්ධගයා මහ විහාරයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම ආසන්නයේම විශේෂ ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සෙන්සෝ මැටික් අධි තාක්ෂණික උපකරණ සවිකර සියලුම බැතිමතුන්ගේ ගමන් මලු පරීක්ෂාවට ලක් කරයි.

කිසිදු පුද්ගලයකුට ගමන් මලුවල සඟවා ගෙන ජංගම දුරකතන රැගෙන යෑමට පොලිසිය අවසර නොදෙන අතර ඒ පිළිබඳව නිරන්තරව අධි තාක්ෂණික උපකරණ මඟින් නිරීක්ෂණය කරයි.

Related posts

එජාපයේ ප්‍රබලයෙකුට මෙවර ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

colombotoday

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday

“අමාත්‍යාංශය භාර අරන් මාස හතයි.. කිසිම වගකීමක් පවරලා නෑ” – රාජ්‍ය ඇමතිවරුන්ගේ ඉරණම රංගේ බන්ඩාර හෙළි කරයි

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday

Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළට

colombotoday