Colombo Today Local News

“කලබල වෙන්න එපා.. ගිය ආණ්ඩුවේ දූෂිතයන් හිරේ දානවා” – ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා අස්සේ අමරවීර පරණ කතාවම කියයි

පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ සිදුකල පුද්ගලයන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කිසිදු සමාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

” ජනාධිපතිවරයා හොරුන්ට නිසි දඬුවම් දෙනවා. එතුමාගෙන් හොරුන්ට නම් සමාවක් නෑ. හිටපු ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ, ඇමැති මැති, මේ කුමන තරාතිරමේ වුණත් එතුමාට ඒවා අදාළ නෑ. මින් ඉදිරියට ජනාධිපතිවරයා හොරුන්ට දඬුවම් දෙන හැටි දැක්කම හොරුන්ට හොරකම් කරන්න වරක් නොවේ හත්වරක්වත් සිතා බලන්න වෙයි.

ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන නිසා මේ දින දෙක තුළ එතුමා නිවැරැදි තීරණයකට එළඹේවි. ජනතා මතය ගැන අවධානය යොමු කර ලබන සතිය වන විට එතුමා නව මාවතකට ප්‍රවේශයක් ලබා දෙන බව මට විශ්වාසයි” යැයි ද මහ ලේකම්වරයා කියා සිටී.

ඔහු මෙම අදහල් පලකළේ ඊයේ (16) මට්ටක්කුලිය සී-නෝර් යාත්‍රාංගණයේ දී පැවැති අඩි 59 ට වඩා දිග නවීන තාක්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා දෙකක් දියඹට එක් කිරීමේ උත්සවයේ දීය.

Related posts

තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම්

Admin

වෙරිමතින් අධිවේගයේ බයික් පැද්ද රාලහාමි මෝටර් රථයක ගැටෙයි

colombotoday

ඉන්ධන මිල පහල දාන්න බැරි කංචනලා ගහපු ගිවිසුමක් නිසා

Admin

ජාතික සභාව රතන හිමි නිදහස් පක්ෂයට දුන් ගුලියක් – අතන මෙතන මෙවර කොතනටද ?

colombotoday

“ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බෑ“ – GMOA

colombotoday

විහාර සංවර්ධනයට ජනපතිගෙන් මිලියන 195ක්

colombotoday