Colombo Today Local News

සුජීව සේනසිංහ බැදුම්කර මගඩි චූදිතයන් වෙනුවෙන නොනැවතී සටනේ (Video)

හිරු රූපවාහිනියේ ඊයේ රාත්‍රියේ පැවැත්වුණු “බලය“ දේශපාලන වැඩසටහනේදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා අතර උණුසුම් අදහස් හුවමාරුවීක් සිදුවිය.

බැදුම්කර චූදිතයන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බැදුම්කර ගනුදෙනුවට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වැරදිකරුවෙකු බව කෝප් කමිටු වාර්තාවේ සටහන් වී නැති බවයි. එසේ සදහන් කර ඇතිනම් පෙන්වන ලෙසද ඇමති සේනසිංහ ඉල්ලීය.

“ප්‍රස්තුත බැදුම්කර ගනුදෙනුව සදහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු අතර ඔහුට හා අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කරයි“ යන්න කෝප් වාර්තාව උපුටා දක්වමින් හදුන්නෙත්ති මහතා පවසද්දී සූජීව සේනසිංහ අමාත්‍යවරයා කියා සිටියේ, බැදුම්කර ගනුදෙනුවට අර්ජුන් මහේන්ද්‍රන් වගකිව යුතු බව සදහන් වීමෙන් ඔහු වරදකරුවකු වන බව නොකියවෙන බවයි.

අදාළ කෝප් කමිටු වාර්තාවට එජාප සාමාජිකයන් පාද සටහන් යෙදීමට කෝප් කමිටු සභාපති හදුන්නෙත්ති මහතා විරෝධය නොදැක්වූ බවද ඔහු කියා සිටියේය.

https://youtu.be/Yq5Ockjs9fk?t=411

Related posts

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

එජාපය තිත්ත වූ සිංහල බෞද්ධයෝ නැවත පක්ෂයට ගෙන්වා ගන්න නවීන් දිසානායක සුදානම්

colombotoday

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

Breaking News: රාජිත සේනාරත්න ඇප මත නිදහස් කෙරේ

colombotoday

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday