Colombo Today Local News

හොර ඡන්ද දැමීමේ තැතක්… නිල ඡන්ද පත්‍රිකා තොගයක් එජාප ආධාරකරුගේ නිවසින් හමුවේ

පුදුකුඩිඉරිප්පු, තේරාවිල් ප්‍රදේශයේ නිවසක තිබි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 288 ක් සමග පුද්ගලයන් දෙදෙනකු ඊයේ (25) දහවල් පුදුකුඩිඉරිප්පු ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තේරාවිල් හා විශ්වමඩු ප්‍රදේශවල පදිංචිව සිටින වයස අවුරුදු 58 හා 40 වියේ පසුවන ලියුම් බෙදන්නකු හා නිවසේ හිමිකරුවය.

මෙම ලියුම් බෙදන්නා විශ්වමඩු තැපැල් කාර්යාලයේ සේවය කරන අතර ඔහු විසින් මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 288 තේරාවිල් පදිංචිව සිටින එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වූ අත්අඩංගුවට ගැනුණු සැකකරුගේ නිවසේ තබා ඇති බව ‍පොලීසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පුදුකුඩිඉරිප්පු ‍පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

වන සතුන් නිසා වාර්ෂිකව 40% ක වගා හානියක්

colombotoday

අදත් කාර්යාල දුම්රිය 4ක් අවලංගුයි

Admin

ගෝඨා බලයට ආවොත් පාර්ලිමේන්තුවේ ඉන්න 25%ක් අනිවාර්යෙන්ම මරා දමනවාමයි – රන්ජන්

colombotoday

ගම්පොල සමූපෙත් මහින්ද පිළට යයි.. මහින්ද පිළ 61යි, එජාපය 22යි, ශ්‍රීලනිපය 0 යි

colombotoday

රුසියානු ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට !

colombotoday