Colombo Today Local News

මැතිවරණ කටේ ජනපති මාධ්‍ය ප්‍රධානීන් කැදවයි.. ජනපති ගැන, සන්ධානය ගැන පුවත් පලකරන හැටි උගන්වයි !!

විශේෂ සාකච්ඡාවක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට 26 සියළුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් කැදවා තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දේශපාලන වේදිකාවේ සිදුවන ප්‍රකාශ වාර්තා කළයුතු ආකාරය පිළිබදව එහිදි මාධ්‍ය ප්‍රධානීන්ට උපදෙස් ලබා දීමට නියමිත බවයි.

මැතිවරණ සමයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත අයුරින් පුවත් පලකරවා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡව සූදානම් කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටි.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී දේශපාලන පක්ෂයක සභාපතිවරයාද වන ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් කැදවා වාර්තාකරණය පිළිබදව අනියම් අයුරින් බලපෑම් කිරීම කෙතරම් සදාචාරාත්මකදැයි යන්න ප්‍රශ්නයක් මතුවන අතර, මේ පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි විමසිය යුතුය.

Related posts

“දකුණත් එක්ක සම්මුතියක් නෑ… උතුරට ස්වයංපාලනයක් ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වන බදු ඉහළට

colombotoday

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් නැහැ

Admin

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

colombotoday

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday