Colombo Today Local News

බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට – ජනපතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට නියමිතය.

මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා එහි සභාපතිවරයා විය.

මෙම කොමිෂන් සභාවේ කාලය අවස්ථා තුනකදී දීර්ඝ කරනු ලැබූ අතර එම කාලය අනිද්දායින් (31) අවසන් වෙයි. බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් එය නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙනු ඇත.

Related posts

බලඇණි 33ක් අහෝසි කරයි… හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසේ

colombotoday

නිදා සිටි පුද්ගලයකුගේ හිසට පිහියෙන් ඇන මරා දාලා

Admin

අක්කරෙයිපත්තුවේ පහරදීමකින් පොලීසියේ 10කට තුවාල

colombotoday

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව වෙත දීමේ තීරණයට විරෝධය

colombotoday

රණවිරුවන්ට කෘතගුණ සලකන්නේ මෙහෙමද? – යුද හමුදාපති අසයි

colombotoday

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday