Colombo Today Local News

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල නිමල් පේ‍්‍රමවංශ මහතා අද පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් විය.

කොළඹ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ නිමල් පේ‍්‍රමවංශ මහතා ඉදිරි දේශපාලන කටයුතු සදහා සහාය දක්වන බව සදහන් කලේය.

පේ‍්‍රමවංශ මහතා ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ නායකයා ලෙස කටයුතු කල අතර මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරයෙක්ද විය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය සදහා කැපවී කටයුතු කරන බවද පේ‍්‍රමවංශ මහතා ජනාධිපතිවරයා හමුවී සදහන් කරන ලදී.

මීට පෙර එම පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සහ ජාතික සංවිධායක පියසිරි විජේනායක යන අයද ඉන් අවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් විය.

Related posts

කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

colombotoday

රක්ෂිත කට්ටි කිරීම පිටුපස සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමයි : පරිසර සංවිධාන 13 ක් ජනපතිට ලියයි

colombotoday

පුංචි ඡන්දෙ පැවැත්වෙන දිනය මාර්තු 03 වනදා ප්‍රකාශයට පත්කරයි

Admin

සයිටම් නීත්‍යානුකූලයි.. සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර – අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම්

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday