Colombo Today Local News

තේ තහනම ඉවත් කරන්නැයි ජනපති සිරිසේන රුසියානු ජනපති පූටින්ගේ ඉල්ලයි !

මෙරට තේ සඳහා රුසියාව විසින් පනවා ඇති තහනම ඉවත් කර ගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් ඉල්ලීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ අද හපුතලේ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
මෙරටින් අපනයනය කරන ලද තේ බහලුමක කෘමියෙකු සිටීම හේතුවෙන් මෙරට තේ සඳහා තාවකාලිකව තහනමක් පැනවීමට රුසියාව පසුගියදා තීරණය කළේය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද මෙම ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රුසියාව බලා පිටත්ව යාමට ද නියමිතය.

Related posts

පැය 9කට පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි

colombotoday

මැතිවරණයට සල්ලි නැත්නම් මන්ත්‍රී වැටුප මාස දෙකකට අත්හිටුවන්න

Admin

කෝටි ගණනක ගජමුතු සමග අටක් අත්අඩංගුවේ

colombotoday

රුපියල කඩා වැටෙයි…

Admin

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

රිලවුන් රට පටවන යෝජනාව යලි

Admin