Colombo Today Local News

වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලා කල්මුනේ හර්තාල්… තෙදිනක නෝම්බි උපවාසයකුත් අරඹයි !

කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයට නව ප්‍රාදේශීය සභාවක් ඉල්ලා සයින්දමරුදු නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා අද (30දා) සිට දින තුනක් අඛණ්ඩව මහා හර්තාලයක් පැවැත්වීමට මුස්ලිම් පල්ලිවල පාලක මණ්ඩල, උලමාවරු ඇතුළු මුස්ලිම් ආගමික සංවිධාන හා සිවිල් සංවිධාන තීරණය කොට තිබේ.

පසුගිය සිකුරාදා ප්‍රදේශවාසීහු පෙළපාළියකින් ගොස් සයින්දමරුදු ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙස දින තුනක අඛණ්ඩ හර්තාලයක් පවත්වන බව සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් භාරදී තිබේ.

පසුගිය 2015 මහ මැතිවරණ සමයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සයින්දමරුදු ප්‍රදේශයට පැමිණ ප්‍රදේශයේ මුස්ලිම් නායකයන්ට සයින්දමරුදු ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුව සිහිපත් කරන ප්‍රදේශයේ ජනතාව ඇතුළු මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධාන, අද (30දා) සිට දින තුනක කඩ සාප්පු වසා, වයෝවෘද්ධ පිරිස් දින තුනක් නෝම්බි ආගමික වතාවත්වල එළඹී උපවාසයේ යෙදීමටත් මුස්ලිම් දේශපාලනඥයනට දුන් පොරොන්දුව ඉටු කරන ලෙසත් ඉල්ලා මේ හර්තාලයේ යෙදීමට නියමිත බව පැවසේ.

තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් මේ දින තුන නොලැබුණහොත් අඛණ්ඩ හර්තාලයක් දියත් කරන බව එම සංවිධායකයෝ පවසති.

Related posts

අයවැයෙන් විදුලි වාහන අඩුවෙනවා කීම මුලාවක්.. ඇත්තටම වෙන දේ මෙන්න !

colombotoday

වාසුට පොල්ල තබා නිරෝශන් සජිත්ට සෙට් වෙයි

Admin

වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සොයන්න කමිටුවක්..

Admin

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමට විශේෂ විමර්ශන ඒකකයක් පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

colombotoday