Colombo Today Local News

ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළුපටි විරෝධයක්

ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව විවාදයට ගනු ලබන ලබන 30, 31 සහ 01 දිනවලදී කළුපටි පැලඳ පාර්ලිමේන්තුව තුළ විරෝධය පළ කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සැලසුම්කර ඇතැයි පැවසේ.

එම දින තුනේදී විවාදයක් පැවැත්වුවද ආණ්ඩුවේ ව්‍යවස්ථා ක්‍රියාවලියට ඉන් බලපෑමක් නොවනු ඇති බවත්, මහජන මුදල් වැය කිරීමක් පමණක් එම විවාදයේදී සිදුවනු ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

විවාදයක් පැවැත්වුවහොත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ අනතුර රටට පෙන්විය හැකි බවත් තවත් පක්ෂ නායකයන් පෙන්වා දී ඇති අතර, විවාදයට සහභාගී වීමට පෙර සංකේතාත්මකව විරෝධය පළ කළ යුතු බවට සියළු දෙනාගේ එකගත්වය ලැබී ඇත. අවශ්‍ය වුවහොත් සභාව මැදට පැමිණ විරෝධය පළ කළ යුතු බවටද සාකච්ඡා වී ඇතැයිද පැවසේ.

Related posts

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

හිටපු ජනපතිට තනතුරක් ?

colombotoday

අගමැතිට ඕන විදිහට අපි පූස් පැටව් වගේ ඉන්නෙ නෑ

colombotoday

මල්වඩම් ගැන කතා කරන අයට දකුණට මළමිනී ඒම නතර කරපු නායකයා අමතක වෙලා – නිරෝෂන් ප්‍රෙම්රත්න

colombotoday

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

Admin

නෙළුවේදී වෑන් දෙකක් ගැටී ප්‍රංශ ජාතික තරුණියක් මිය යයි

Admin