Colombo Today Local News

“පොලොන්නරුවේ සිල් රෙදි බෙදුවේ මෛත්‍රීගේ රුව සහිතවයි” – ගලගම ධම්මරංසි හිමි

පසුගිය රජය සමයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උපාසක උපාසිකාවන් අතර සිල්රෙදි බෙදාදුන්නේ එවකට අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහිත අසුරණවල දවටා බව දේශවිමුක්ති ජනතා පක්ෂයේ සභාපති ගලගම ධම්මරංසි හිමියෝ පැවසූහ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිල්රෙදි බෙදාදුන්නේ මහින්ද අමරවීර මහතාගේ රුව සහිත අසුරණවල දවටා බවද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම සිල්රෙදි බෙදාදීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වූ බවද ධම්මරංසි හිමියෝ සඳහන් කළහ.

පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ගත් සාමූහික තීරණයක මත මෙම සිල්රෙදි බෙදාදී තිබෙන බැවින් එම කාර්යය වරදක් නම් මෛත්‍රීපාල සිරිසේන, රාජිත සේනාරත්න ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සිටි සියලු දෙනාට විරුද්ධව නීතිමය පියවර ගත යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

Related posts

පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමෙන් ගොවියාට අසාධාණයක් නෑ – රතන හිමි

colombotoday

ව්‍යවස්ථාදායක සභාවට බිමල් රත්නායක නම්කරයි…

colombotoday

ලිංගික අඩන්තේට්ටම් යටතේ පූජිතට තවත් නඩුවක් – උප පොලිස් පරීක්ෂකවරියකට තර්ජනය කරලා

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගත කල උලමාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරිමට පියවර

colombotoday