Colombo Today Local News

ආදායම් නැති නෙවිල්ගේ රෝහල වෙනුවෙන් රජය වසරකට මිලියන් තුන්සීයක් ණය ගෙවයි !

‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනයේ හිමිකාරීත්වය දැරූ නෙවිල් ප්‍රනාන්දු ආදායම් නොමැතිව තිබූ සිය රෝහල (නෙවිල් ප්‍රනාන්දු) හේතුවෙන් රාජ්‍ය බැංකු වෙත ගෙවීමට තිබූ ණය ගෙවීම සඳහා රෝහල රජයට පැවරූ බව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරයි.

රජය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 300 බැගින් ගෙවීමට එකඟ වී ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසීය.

අද (13) එම පෙරමුණ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

පාඩු ලබන ආයතන විකිණීමට ප්‍රතිපත්ති හදන ආණ්ඩුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉඩ දී මහජන මුදල් අවභාවිතයට ඉඩ දී ඇති බවද ඔහු පැවසීය.

සයිටම් ආයතනයට ‘සුජාතභාවය’ ලබා දීමට උත්සාහ දරණ ඇතැම් ඇමතිවරුන් සිටින්නේ මුදල් වෙනුවෙන් බව ඔහු පැවසීය.

Related posts

ඉහළ කොත්මලේ-ලක්ෂපාන-කැනියොන් වාන් දොරටු අරී

colombotoday

ඉන්දියාවේ සිට එන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

colombotoday

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණ

colombotoday

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

ලාංකිකයන් 30,000කට ඇමරිකාවේ රැකියා

colombotoday