Colombo Today Local News

ජෙනරාල් ජගත් ජයසූරිය ගැන රජය තීරණයක් ගනී.. තානාපති ධුරත් අවලංගුයි !!

බ්‍රසිලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති, හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතා යළිත් වතාවක් එම ධුරයේ සේවය කිරීම සදහා කළ ඉල්ලීම සලකා නොබැලීමට රජය තීරණය කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

බ්‍රසීලය සහ දකුණු ඇමරිකානු රටවල් හයක ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කල ජගත් ජයසූරිය මහතා වසර දෙකක නිල කාලය අවසන් කර මෙරටට පැමිණ සිටින අතර, වෙනත් රටක තානාපති ධුරයක් හෝ ඔහුට ලබා නොදීමට රජය තීරණය කර ඇති බවද පැවසේ.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට යුද අපරාද චෝදනා එල්ල කල දරුස්මාන් කමිටුවේ සාමාජිකාවක් වූ යැස්මීන් සූකාගේ ප්‍රධානීත්වයෙන් යුත් මානව හිමිකම් සංවිධානයක් විසින් යුධ අපරාද චෝදනා එල්ල කරමින් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරා ඇති අතර, ඒ අනුව රෝම ප්‍රඥප්තිය අත්සන් කර ඇති කිසිදු රටකට ඇතුළුවීමට ඔහුට ඉඩ නොමැති බවද පැවසේ.

ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්ෂි දීම සදහා හිටපු ප්‍රබල කොටි සාමාජිකයන් 50ක් පමණ සූදානමින් සිටින බවද ප්‍රකාශ වන අතර, ඔහුට එරෙහිව සාක්ෂි ලබා දීමට තමන් සූදානම් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ද මාධ්‍ය හමුවේ ඊයේ (01) ප්‍රකාශ කර තිබිණි.

වන්නි මානූෂීය මෙහෙයුමේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකල සෙන්පතියෙකු වන ජෙනරාල් ජගත් ජයසූරිය වෙනුවෙන් රජය පෙනී සිටිය යුතු බවට රජයේ ඇතැම් පාර්ශවද අවධාරණය කර ඇති අතර, සේනාධිනායක ජනාධිපතිවරයා හෝ රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැත.

Related posts

“පෞද්ගලික විශ්වවිද්‍යාල තවත් ඇතිකළ යුතුයි” – උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති

colombotoday

ICBT කැම්පස් හී හොර මගඩි රැසක් එලියට – පැමිණිලි රැසක් පොලීසියට – සුදුසුකම් නොමැති සේවකයන් – සේවිකාවකට ලිගික අතවර

colombotoday

2024 වනතුරු නායකත්වය ගැන කතා එපා ! රනිල් එජාප මන්ත්‍රී කණ්ඩායමට දන්වයි

colombotoday

රට ණය බරින් නිදහස් කරන්න අගමැති අලුත්ම වෙන්දේසි ක්‍රමයක් හදුන්වා දෙයි !

colombotoday

දේශබන්දු ගේ ෆේස්බුක් ගිණුමක් හැක් කරලා

Admin

ජූනි වන විට පාසල් තුන්දහසක් ඩිජිටල් කරනවා – අමාත්‍ය සුසුල් ප්‍රේම ජයන්ත

Admin