Colombo Today Local News

“විජේදාස ඉවත් කළෙත්, රවීට ලොතරැයි මණ්ඩලය දුන්නෙත් එජාපය හා නායක රනිල් කියූ නිසයි” – ජනපති

හිටපු විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතාට ජාතික ලොතරැයි මණ්ඩලය ලබ දීමත්, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙක් ඉවත් කිරීමටත් කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයේ සහ එහි නායකත්වය කළ ඉල්ලීමක් අනුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (30) පුවත්පත් කතුවරුන් හා ජනාමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකදී ය.

“විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රශ්නය ගත්තොත් එය එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවු කාරණයක්. සම්මුතිවාදී ආණ්ඩුව තුළ තිබෙන එකඟතාවක් තමයි එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු පත්කිරීම, ඉවත්කිරීම හා විශයන් මාරු කිරීම ඒ අමාත්‍යාංශ වෙන්කරගෙන ඇති ආකාරයට සිදු කිරීම. රවී කරුණනායක මහතාට ලොතරැයි මණ්ඩල ලබාදීම ගැන ලොකු ප්‍රශ්නයක් තිබුණානේ. එය කළේ පක්ෂයේ නායකයත්වය කරනු ලැබූ ඉල්ලීමක් අනුවයි.” යැයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

Related posts

ශ්‍රී ලාංකිකයන්ට ක්ෂේත්‍ර 14ක ජපානයේ අසීමිත රැකියා…

colombotoday

රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව යළි කැඳවීමට දින නියමවෙයි

colombotoday

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

colombotoday

අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි

colombotoday

ජෝන් එක්ක බෑ.. මන්ත්‍රිනී රෝස් එජාපයේ සියළු තනතුරුවලින් ඉවත් වෙයි

colombotoday

නව ව්‍යවස්ථාවට ජනමතවිචාරණයක් ස්ථීරයි – ඇමති කිරිඇල්ල

colombotoday