Colombo Today Local News

ඇමති විජේදාස රැකගන්න ත්‍රෛනිකායික මහ සඟරුවන පෙරට එයි.. අද විශේෂ සාකච්ඡාවක් !

අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය ගෙන ඇති තීරණයට එරෙහිව ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ෙත්‍රෙනිකායික හිමිවරු අද (23 වැනිදා) විශේෂ සාකච්ඡාවක නිරතවන බව යාපා පටුන ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී යාපනය නාග විහාරයේ විහාරාධිකාරී දියමයිලගස්‌වැව අරියකිත්ති හිමියෝ පැවසූහ.

විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් ශාසනයට හා රටට සිදුව ඇති සේවාව තවදුරටත් අවශ්‍ය බව මහා සංඝරත්නයේ අදහස බවද එහෙයින් මෙම විශේෂ සාකච්ඡාව සූදානම් කළ බවද උන්වහන්සේ කීහ. සාකච්ඡාව සිදුවන ස්‌ථානය පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බවත් සාකච්ඡාවෙන් පසු විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට නියමිත බවත් අරියකිත්ති හිමියෝ පැවසූහ.

මෙම විශේෂ සාකච්ඡාවට ෙත්‍රෙනිකාය නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය එක්‌වන බවද උන්වහන්සේ පැවසූහ.

Related posts

ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරි

colombotoday

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමග අල්ලයි

colombotoday

ලක් වෙද පුතෙක් ලියුකේමියාවට බැට දෙන දිව ඔසුවක් තනයි

colombotoday

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

Admin

ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කළ නව සොයාගැනීමක්

colombotoday