Colombo Today Local News

රනිල්ගේ දේශපාලනයට 40යි.. රටපුරා උත්සව පවත්වන්නැයි රාජ්‍ය නිලධාරීන්ට නියෝගයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට 4 වසරක් පිරීම හා විවෘත ආර්ථිකයට 40 වසරක් පිරීම නිමිත්තේ උත්සවය සංවිධානය කරන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

‘ගරු අග්‍රාමාත්‍යතුමාගේ ෙපාදුජන සේවයට සහ විවෘත ආර්ථික ක්‍රමයට 40 වසරක් පිරීම‘යන මැයෙන් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව අගෝස්තු 03 වැනිදා රාත්‍රි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිරිත් පිංකමක් සංවිධානය කිරීමට වගබලාගන්නා ලෙසත් ඊට ප්‍රදේශවාසී ජනතාව සම්බන්ධ කරගන්නා ලෙසත් නියෝග කර ඇත. ඉන්පසුව භික්ෂුන් වහන්සේලා 40ක් සදහා දානය පිරිනැමිය යුතු බවද නියෝගයේ සදහන් වේ. මීට අමතරව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක බෝධි පූජා 4ක් පැවැත්විය යුතු බවද දන්වා ඇත. එසේම බෞද්ධ, කිතුනු, හින්දු හා මුස්ලිම් ආගමික ස්ථානවල ආගමික කටයුතු සංවිධානය කිරීමට ස්වදේශ කටයුතු ආමත්‍යංශය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට විසින් නියෝග කර ඇත.

විවෘත ආර්ථිකය හදුන්වා දී වසර 40ක් ගතවීම සමරමින් පැවැත්වීමට නියමිත උත්සව මාලාව රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජිවිතයේ 40 වැනි වසර සමරමින් ඔහුගේ ප්‍රතිරූපය නැංවීම පිණිස උත්සවාකාරයෙන් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු සූදානම් කර ඇත.

 

Related posts

බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට

colombotoday

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

colombotoday

පාසල් ඇරඹිමත් සමග සිසු සැරියත් ක්‍රියාත්මකයි..

colombotoday

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

ශ්‍රී ලංකන් හිටපු සභාපති අලෙවි සහකාරිණියකට ගුවන් සමාගමේ මුදලින් ඩුබායි ගෙයක් අරන් දීලා…

colombotoday

ඡන්ද කාඩ්පත් මිලදී ගත් දෙදෙනෙක් බේරුවල දී පොලිස් භාරයට

colombotoday