Colombo Today Local News

සම්මුතිය දෙදරයි ! යාපාගේ කාර්යාලය කබීර් අල්ලා ගනී.. ඇමතිකමේ වැඩ බාර නොගෙන යාපා හැරී යයි..

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම්ගේ ව්‍යාපෘතියක් සදහා රාජ්‍ය අමාත්‍යංශ කාර්යාල කාමර හදිසියේ ම වෙන් කර ගැනීම හේතුවෙන් එහි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත් වු ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ වැඩ බාරගැනීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇතැයි වාර්තා වේ.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන සුබ මොහොතින් ඊයේ (02) පෙරවරුවේ සිය නව අමාත්‍ය ධූරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබුණි.

ඒ අනුව අමාත්‍යවරයා විසින් සිය ලිපි ගොනු නව අමාත්‍යංශ පරිශ්‍ර‍ වෙත රැගෙන ගිය ද ඒවා තබා ගැනීමට පවා ඉඩපහසුකම් නොමැති වීම හේතුවෙන් කාර්ය මණ්ඩල නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් වු බව ද වාර්තා වේ.

මීට පෙර රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එරාන් වික්‍ර‍මරත්නට ඔහුගේ නිල කාමරය හැර තවත් කාමර 9ක් තිබුණි.

ඔහු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත් වු අතර ඊට පෙර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ සියලු නිල කාමර එරාන් වික්‍ර‍මරත්නට ලබා දී ඔහුන් ඊයේ මුදල් රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයෙන් ඉවත් වී ඇති බව ද වාර්තා වේ.

අනතුරුව ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් ඊයේ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ පරිශ්‍ර‍ට ගිය අතර හදිසියේ ම එම අමාත්‍යංශයේ තිබු කාමර 9න් කාමර 6ක් ම කැබිනට් අමාත්‍යවරයාගේ වෙනත් ව්‍යාපෘතියක් සදහා යොදවා ඇති බවට දැනුම් දී ඇත.

මින් අපහසුතාවයට පත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා අදට යෙදී තිබුණු වැඩ බාරගැනීම දින නියමයක් නොමැතිව කල් දමා මාතර බලා පිටත්ව ගොස් ඇත.

මේ පිළිබද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර‍ හේවාවිතාරණට අමාත්‍යවරයාගේ නිලධාරීන් දැනුම් දී ඇති අතර එහිදී ලේකම්වරයා පවසා ඇත්තේ ලබන සදුදා වන විට මෙම ගැටලුව නිරාකරණය කර දෙන බවයි.

Related posts

දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද, රාජ්‍ය ගෞරව සහිතව

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

ත්‍රස්ත සැකකරුවන්ට ගහන්න එපා, අගෞරව කරන්න එපා.. ජනපතිගෙන් හමුදාවට පොලීසියට උපදෙස්

colombotoday

ගම්මන්පිල ප්‍රශ්න කරන්න කැඳවන්න

Admin

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

colombotoday

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

colombotoday