ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ අනු කමිටුවල විරුද්ධ පක්ෂයේ සිටින අයත් සභාපතිකම් දරන බවත්, මුදල් විෂය පිළිබඳව අනු කමිටුවේ සභාපතිත්වය බන්දුල ගුණවර්ධන මහතා හොබවන අතර වේදිකාවේ ව්‍යවස්ථා සංශෝධනයට බැන්නට මුදල් පරිපාලනය පිළිබඳව හොඳ වාර්තාවක් ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් කර ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මහජන මත විමසුම් කමිටුවේ සභාපති අධි නීතිඥ ලාල් විඡේනායක මහතා පවසා සිටියේය.
ඒ මහතා මේ බව පවසා සිටියේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව පොළොන්නරුවේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින්ය.
පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.
නොයෙකුත් දිස්ත්‍රික්කවලට ගිහිල්ලා මේ වාගේ සාකච්ඡා තියලා ජනතාවට ආරාධනා කරලා තියන්නේ අපෙන් ප්‍රශ්න අහන්න. අපි නෙමෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ ඒක වරදවා තේරුම් ගන්න එපා.
– දිවයින