27 C
Colombo
1 May 2025
Colombo Today Local Newsextremism & terrorism activities

බෞද්ධයින් සමග ගැටුම් ඇති කරගත් මියන්මාර මුස්ලිම් අනාථයන් බෞද්ධ ලංකාවට ඒම භයානකයි..

ශ්‍රී ලංකාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ඉහළ යෑම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

මහ බැංකු වාර්තාවට අනුව දශක ගණනාවකට පස්සේ 2015 දී සහ 2016 දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගෙන තිබෙනවා. 2016 මහ බැංකු වාර්ථාවේ පනස් දෙවන සංඛ්‍යාසටහනේ පෙන්වනවා ලංකාවේ ශුද්ධ සංක්‍රමණ අනුපාත දශක ගණනාවකට පසු 2015 දීත් 2016 දීත් ධණ අගයක් ගෙන ඇති බව.

වෙනත් වචන වලින් කියනවා නම් ලංකාව අත්හැර වෙනත් රටවල පදිංචියට ගිය පිරිසට වඩා වෙනත් රටවලින් ලංකාවේ පදිංචියට පැමිණි පිරිස වැඩියි. අතීතයේ දී සංක්‍රමණ ධන අගයක් ගත්තේ ඉන්දියානු වතු කම්කරුවන් පැමිණි යුගයේ දී. නමුත් ලංකාවේ ජනතාව බුරුතු පිටින් ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවල පදිංචියට යන වර්තමානයේ දී ලංකාවේ සංක්‍රමණ ධන අගයක් ගත්තේ කොහොම ද? ඒ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය සහ ඉන්දියාව වැනි රටවලින් ලංකාවේ පදිංචියට එන පිරිස් නිසා.

මේ සංක්‍රමණ නිසා ලංකාවේ ජන සංයුතියට බරපතල බලපෑමක් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මියන්මාරයේ සිට ලංකාවට පැමිණෙන රෝහන්ගියා මුස්ලිම් අනාථයින් මේ ආණ්ඩුව භාර ගැනීමට අපි විරුද්ධයි. මේ පිරිස් ලංකාවට එන්නේ මියන්මාරයේ බෞද්ධයින් සමග ගැටීම් ඇති කර ගෙන. ඒ නිසා ඔවුන් සිටින්නේ බෞද්ධයින් සමග වෛරයෙන්. මේ වන විටත් ඉතා සුළු පිරිසක් ලංකාවේ බුදු පිලිම කුඩු කරන පැරණි බෞද්ධ නටබුන් විනාශ කරන මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මකකරනවා. එවැනි අන්තවාදින් සමග බෞද්ධයින් සමග වෛරයෙන් පසු වන මියන්මාර් අනාථයින් එකතු වුණොත් ආණ්ඩුව නිතර කතා කරන ජාතික ආගමික සමගියට බරපතල හානියක් අනිවාර්යෙන් වෙනවා.

Related posts

කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රීම් උසාවිය?

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මෙරට නියෝජිතයා අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

colombotoday

දෙමටගොඩ රුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

මහ කන්නයේ බඩඉරිඟු වගාවට දිස්ත්‍රික්ක 3 කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ…

colombotoday

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday