Colombo Today Local Newsextremism & terrorism activities

සහජීවනය උතුරා යයි.. මාණික්කමඩු විහාරය ඉවත් කරන්න හකීම් – සම්බන්ධන් සාකච්ඡා..

ඓතිහාසික දීඝවාපියට අයත් පරිවාර දාගැබක් වූ අම්පාර, ඉරක්කාමම් හි මාණික්කමඩු විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවූෆ් හකීම් සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර සාකච්චාවක් පවත්වා තිබේ.

අප්‍රේල් 26 වන දා රාත්‍රියේ විපක්ෂ නායක වරයාගේ නිල නිවසේදී මෙම සාකච්චා පැවති බව දෙමළ මාධ්‍ය ibctamil වෙබ් අඩවිය පවසයි.

මෙම කරුණ සම්බන්ධයෙන් ජනාධිතිවරයාගේ අවධානය යොමු කිරීමට දෙපාර්ශවයම තීරණය කර ඇති අතර, එම ස්ථානයේ බෞද්ධ විහාරයක් ඉදිකිරීම යහපාලනයට හා සංහිදියාවට බාධාවක් බව ඔවුන් තීරණය කර ඇත.

මෙම විහාරය ඉදි කිරීම නතර කිරීමේ යෝජනාවක් නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් කර දෙපාර්ශවයේ එකගතාවයෙන් සම්මත කරගැනීමටත් මෙහිදී එකග වී ඇත.

ඓතිහාසික ඉරක්කාමම් දාගැබ පිහිට භූමියේ විහාරස්ථානයක් ඉදිකිරීමේ වැඩ කටයුතු පසුගිය අප්‍රේල් 20 වනදා ආරම්භ වූ අතර, එම භූමියට අයිතිවාසිකම් කියමින් මුස්ලිම් ජාතික පිරිසක් විරෝධය පළකිරීම නිසා විහාරයේ වැඩ තාවකාලිකව නතර කෙරිණි.

මානික්කමඩු විහාරයට මුස්ලිම් විරෝධයක්.. හොර බලපත්‍ර හදා විහාර භූමියේ අයිතිය ඉල්ලයි

ඥාණසාර හිමි මාණික්කමඩුවට.. අන්තවාදීන්ට යට වූ නිලධාරීන්ට සැරටම අමතයි (Video)

සංහිදියාවට බාධාවක්.. අම්පාර, ඉරක්කාමම්හි බුදු පිළිමය ඉවත් කරන්න.. පල්ලි සම්මේලනය ඉල්ලයි

 

Related posts

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

colombotoday

කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොට ඉන්දියාවට පවරාගන්න.. උතුරු සභාවෙන් උමතු ඉල්ලීමක්

colombotoday

ක්ලබ් වසන්ත ඝා-තනයේ අලුත්ම තීන්දුව අද ලැබෙයි

Admin

රනිල්ට සමකල හැකි කිසිවෙකු පාර්ලිමේන්තුවේ නෑ -SJB මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි

colombotoday

ඇමති චම්පිකගේ වාහනයට යටවූ “සන්දීප්ගේ තත්ත්වය බරපතලයි” – ජාතික රෝහල් අධ්‍යක්ෂක

colombotoday

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday