Colombo Today Local News

“රජයේ සමහර තීරණ ඇමතිවරුන්ටත් හොරෙන්.. අපි අසරණවෙලා“ – ඇමති දයා ගමගේ

දේශීය ව්‍යාපාරිකයන්ට පවත්වාගෙන යෑමේ හැකියාව තිබියදී කන්තලේ සීන සමාගම හා බිබිලේ සීනි සමාගම සිංගප්පූරුවේ සමාගමකට භාර දී ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති සමුළුවක් අමතමිනි.

රජයේ සමහර තීරණ ගැනීමේදී ඇමැතිවරුන්ගේ අදහස් විමසීමක් සිදු නොවන බවත් එහිදී තමන් අසරණ වන බවත් හෙතෙම සදහන් කර සිටියේය.

පසුගිය ආණ්ඩුවෙන්ද දේශීය ව්‍යාපාරිකයන්ට තැනක් නොලැබුනා සේම වත්මන් ආණ්ඩුවෙන්ද තැනක් ලැබී නැතැයි පෙන්වා දෙන ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ සිටි කණ්ඩායමකටම වත්මන් ආණ්ඩුවේ ද බලවත්ම අමාත්‍යාංශ ලබා දී ඇති නිසා ආණ්ඩුව ගෙන ඒමට කැප වූ අය අද ඉච්ඡාභංගත්වයට පත්ව සිටින බවද කියා සිටියේය.

මේ තත්වය යටතේ තමන්ට හැන්ද ලැබී නැති නිසා කළ හැක්කක් නොමැතිව බලා සිටින්නේ යයි ඔහු වැඩි දුරටත් පැවසීය.

Related posts

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

අතුරලියේ රතන හිමිගේ වාහනයෙන් වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන යයි.

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අරඹයි

colombotoday

ගෑස් සිලින්ඩරයක මිල 300කින් වැඩි කළ යුතුයි – ලාෆ් සභාපති

colombotoday

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin