Colombo Today Local News

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

තණමල්විල – කිවුල් ආර ප්‍රදේශයේදී වියළි ගංජා කිලෝ අටක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(31)දින පොලිස් විශේෂ කාර්ය බලකා හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය කොට්ටඨාසය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 හා 46 යන වයස්වල පසුවන මැදගම සහ ජන උදාන ගම්මාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

නාමල්ගේ කාර් එකක් FCID අත්අඩංගුවට ගනී !

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

දුමින්ද සිල්වා ව ජනාධිපති නිදහස් කළා. – අද එලියට එනවා. | බන්ධනාගාර ඇමති තහවුරු කරයි.

colombotoday

පක්‍ෂ නායකයන්ගේ රැස්වීම ඇරඹෙයි

colombotoday

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin