Colombo Today Local News

සාගල, අකිල අතටර හරීනුත් එයි.. එජාපයේ ලොකු තැනක් වෙනුවෙන් තුන්කොන් සටනක් !

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකත්වය තරුණ පෙළට භාරදීමට අදාළව ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ අනුව පක්ෂයේ ඉහළපෙලේ තනතුරුවල සංශෝධනයක් සහ තරුණ හා කාන්තා සමිති ඇතුළු බිම් මට්ටමේ සංවිධානවලට වගකීම් පැවරෙන යෝජනාවක් මේ මස 5 දා පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ.

මේ අතර, සංශෝධනය කිරීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තනතුර සදහා අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා පත් කිරීමට සූදානමක් ඇතැයි වාර්තා පලවීමත් සමග හරීන් ප‍්‍රනාන්දු හා සාගල රත්නායක යන ඇමතිවරුන්ද එම තනතුර ලබා ගැනීම සදහා තුන්කොන් සටනක් ඇතිවෙමින් පවතින බවට එජාල ආරංචිමාර්ග සදහන් කරයි.

මේ තත්වය මත පක්‍ෂයේ නව මහ ලේකම්වරයා කවුදැයි තීරණය කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයට අසීරු තත්වයකට පත්ව ඇත. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණ ප්‍රකාශයට පත් කෙරෙන තුරු නව මහ ලේකම්වරයා පත් කිරීම ප්‍රමාද කිරීමට අගමැතිවරයා තීරණය කර ඇති බවද සදහන් වේ.

Related posts

බෝක්කුවකට ඇඳ වැටුණු කුරුණෑගල පාසල් සිසුවා මිය යයි

colombotoday

නුගේගොඩදී ඥානසාර හිමි පැවත්වූ ඓතිහාසික කතාව

colombotoday

ගුවන්තොටුපළට නොමිලේ නව බස් රථ සේවයක්

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට

colombotoday

කල්ක්‍රියාව හොඳයි නම්, සිරකරුවන්ට සතියක් නිවාඩු

colombotoday

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්

Admin