Colombo Today Local News

සහල් තොග ලැබීම තවත් අඩු වෙයි

අලුතින් සහල් තොග ලැබීම තවදුරටත් ඉතා අවම මට්ටමක පවතින බව මරදගහමුල සහල් නිෂ්පාදන සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පැවසීය.

වර්තමානයේ අලවි වනුයේ මීට පෙර ලැබී තිබූ සහල් තොග බවත් රජයේ පාලන මිලට දැන් සහල් අලවි කිරීමට සිදුව ඇති බැවින් වියාපාරිකයන් පාඩු ලබමින් සිටින බවත් ඔහු කියා සිටී.

තවත් දින කිහිපයකින් සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් සතු වී සංචිත අවසන් වීමට නියමිතය අතර ඒ හේතුවෙන් වෙළඳ පොළේ යලි සහල් අර්බුදයක් මතුවීමේ අවධානමක් පවතින බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරියේදී සුදු කැකුළු,නාඩු සහ සම්බා සහල් හිඟයක් ඇතිවිය හැකි අතර සුදු කැකුළු වල හිඟයක් මේ වනවිටත් පවතින බව වැඩිදුරටත් පැවසීය.

Related posts

SAITM විරෝධයෙන්ට කොළඹ උණුසුම්… වෛද්‍ය සිසුන්ට අධි පීඩන ජලප්‍රහාර… කදුළු ගෑස් !!

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි

colombotoday

විදුලි සැපයීම මහා අවුලක. බලාගාර 4 ක විදුලි උත්පාදනය නවතී! – දිනකට පැය කිහිපයක් විදුලිය කපා දැමීමේ සුදානමක්.

colombotoday

බම්බලපිටියේ වෙඩිතැබීමේ සිද්ධිය : සුරාබදු නිලධාරීන්ට ඇප

Admin