Colombo Today Local News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ.. එක කොළඹ විශාකාවට.. දෙක මහනුවර මහමායා බාලිකාවට

2016 දෙසැම්බරයේ පැවති සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත.

එම ප‍්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ් අඩවිය doenets.lk ඔස්සේ බලාගත හැක.

නිකුත් වූ ප්‍රතිපල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවෙක් ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබේ.

දෙවැනි ස්ථානය මහනුවර මහමායා බාලිකාවේ එස්.එම්.මුණසිංහ සිසුවියත්, තෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර්.එම්. සුගත් රවිදු සිසුවා හා මාතර රාහුල විදුහලේ දිමුත් මිරිස්සගේ හිමිකරගෙන තිබේ. සිවුවැනි ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ පබසරා හේරත් ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබේ.

පස්වැනි ස්ථාන තුනක් ලබා ඇති අතර කොළඹ දේවී බාලිකා විදුහලේ රනුමි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ධම්සරා මේදාවි, යාපනය හින්දු විද්‍යාලයේ ඒ.අභිමන්තන් එම සිසු සිසුවියෝ වෙති.

 

Related posts

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

colombotoday

ගජමුතු විකුණන්න ගිය 4ක් මාට්ටු

Admin

සෞදියේදී අද 50ක් ගල් ගසා මරණවලු… “ලාංකික කාන්තාව ඒ අතර නෑ” සෞදි තානාපති

colombotoday

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

මහින්දානන්ද රිමාන්ඩ්

colombotoday