Colombo Today Local News

පාසලේ මත්පැන් සාදයක්.. සූර් වූ සිසුන් 8ක් රෝහලේ !

පාසල තුළ උපන්දින සාදයක් පවත්වා එයට මත්පැන්ද රැගෙනවිත් පානය කළ සිසුන් පිරිසක් පසුව රෝහල් ගතකිරීම සිදුවූ පුවතක් සම්බන්ධයෙන් මිහින්තලය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස සිසුන් 8 දෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති අතර ඔවුන් විදුහලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්‌ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (22) පාසල ආරම්භවීමට පෙර පාසලට පැමිණි මෙම සිසුන් පිරිස මත්පැන් බෝතලයක්‌ රැගෙනවිත් අතහැර දමා ඇති ගුරු නිවාසයක කාමරයක්‌ තුළදී මත්පැන් පානය කර තිබේ.

මේ සිද්ධිය දුටු පාසලේම තවත් සිසුන් පිරිසක් ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් දැනුවත් කර ඇති අතර
ගුරුවරුන් එම ස්‌ථානයට ළඟා වන විට සිසුන් එම ස්‌ථානයෙන් පලා ගොස්‌ ඇති නමුත් පසුව ඔවුන් අල්ලාගත් ගුරුවරුන් සිද්ධිය පිළිබඳව මිහින්තලේ පොලිසිය දැනුවත් කර තිබේ.

පොලිසිය එම ස්ථානය පරීක්ෂා කිරීමේදී සැර මත්පැන් බෝතලයක්‌, පැණිබීම බෝතලයක්‌ හා කටගැස්‌ම මෙම සිසුන් පාසලට රැගෙනවිත් ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා.

පසුව මොවුන් දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කොට ඇති අතර පාසැලට පැමිණෙන දරුවන් පිළිබඳව දෙමාපියන් මීට වඩා දැනුවත් විය යුතු බවත්, ඔවුන්ගේ බෑග් තුල ඇත්තේ මොනවාද යන්න පිළිබඳව දෙමාපියන් සැලකිලිමත් වියයුතු බවත් පොලිසිය පවසා තිබේ.

Related posts

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

colombotoday

උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට

colombotoday

උප්පැන්නෙන් ජාතිය හැලෙයි… සිංහල,දෙමළ,මුස්ලිම් වෙනුවට “ශ්‍රී ලාංකික“ යනුවෙන් යොදයි…

colombotoday

හමුදාව උතුරේ ජනතාවට උදව් කළා කියා අපේ ආකල්ප වෙනස් වෙන්නෑ – විග්නේෂ්වරන්

colombotoday

වැඩිකළ ඉන්ධන කෝටාව ඉදිරි සතියේදීත් ලැබෙයි

Admin

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

colombotoday