යහපාලන ආණ්ඩුව පෙරල නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා ශ්‍රීලනිප, සහ එජාප පාර්ශව සමග සාකච්ඡා සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජාතික පුවත්පතක් සමග සංවාදයකට එළඹෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇත.
“අපි හම්බෙන පළමු අවස්ථාවෙම මේ ආණ්ඩුව පෙරළනවා. දැනටත් ඒ සම්බන්ධව ශ්‍රීලනිප හා එජාප පාර්ශව අපිත් එක්ක සාකච්ඡා කරනවා. දැන් ආණ්ඩුවේ ලොකු තනතුරුවල ඉන්න අය සාකච්ඡා කරනවා“
ආණ්ඩුව පෙරළන්න මැතිවරණයක්ම අවශ්‍ය නැති බවත්, මේ වසර තුළදී පාර්ලිමේන්තුවේ ඔලු මාරුවක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් මන්ත්‍රීවරයා විශ්වාසය පල කරයි.