යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ ග්රන්ථය ලෝක ජනගත කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් 2017 ජනවාරි 16 පස්වරු 3.30ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වේ.
මේ වන විට “යහපාලනය” යන වචනය පවා හෑල්ලු වී ඇති මොහොතක “යහපාලනය” ගෙන එන බවට පොරොන්දු දී බලයට පැමිණි වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරු කී දෙනෙකු “යහපාලනය පිළිබඳ බෞද්ධ පරමාදර්ශ” අනුගමනය කරන්නේදැයි විමසා බැලිය යුතු නොවේද?
මෙවැනි ග්රන්ථයක් සම්පාදනය කිරීම ඉතා කාලෝචිත වන අතර ග්රන්ථය පරිශීලනය කොට හෝ රටට “යහපාලනය” ගෙන ඒමට රජය සමත් වේවිදැයි ජනතාව බලා සිටියි.