Colombo Today Local News

2020 ජනපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් !

2020 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියා.

මේ අතර, මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් ද අද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරය පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ මේ වන විට ආණ්ඩුව වෙනස් කිරීමේ මෙහෙයුමක තමන් ඇතුළු කණ්ඩායම නිරතව සිටින බවයි

Related posts

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

Admin

WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්

Admin

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාහ් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි

colombotoday

විඩියෝ කරන්න දුන්න නිදහසින් අයුතු ප්‍රයෝජන අරගෙන

Admin

යාපනයේ තරුණයෙකුට මරු කැදවූ අනතුර

Admin

අල-ලූණු අද ගිනි ගණන්

Admin