Colombo Today Local News

ආසියා පැසිෆික් කළාපයේ හොදම මුදල් ඇමති රවී කරුණානායකලු

ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස “ද බැන්කර්“ සගරාව විසින්  කරුණානායක මහතා නම්කර තිබේ.

පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබේ.

රවී කරුණානායක මහතා කෙටි කලකදී එවැනි කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබූ බවත්, ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත. විශේෂයෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක‍්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට අමාත්‍ය රවී කරුණානායක ගනු ලැබූ කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක්ව තිබේ.

විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක සමත් වූ බව මෙහිදී නිරීක්ෂණය වී ඇත.

Related posts

හමාස් ප්‍රාණ ඇපකරුවන් අතර ලාංකිකයිනුත් – 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටසට යයි

Admin

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday

ජනපති, ඇමති කුට්ටම අද අනයි.. ඔලුගෙඩි මාරුවෙන්නේ මෙහෙමයි !

colombotoday

අන්තර්ජාලයෙන් ගණිකා වෙළඳාම කළ Lanka-Ads නැවතුනේ මෙහෙමයි.

colombotoday

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday