Colombo Today Local News

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

23232623ජාතික සහ ශාසනික මට්ටමෙන් සංවිධානගතව ක්‍රියාකාරීව සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව නව නිකායක් බිහි කිරීමට යතියි පැතිරෙන දූෂමාණ ආරංචියක් හේතුවෙන් ත්‍රෛ නිකායික ඉහළ තැන්වල භික්ෂූන් වහන්සේලා අතර කැළඹීමක් හටගෙන ඇති බව වාර්තා වේ.

ත්‍රෛනිකායික සංඝ සභාන්වල නාහිමිවරුන් රැස්වී අද දිනයේ මේ පිළිබදව කතා බහ කර ඇති බවද දැනගන්නට ලැබේ. පැතිර යන ආරංචිය පිළිබදව අගමැති හා ජනපති කාර්යාලවල නිලධාරීන්ද කතා බහ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර ජාතික සංවිධාන කිහිපයක් එකතුවෙන් පිහිටුවා ඇති “ශාසනාරක්ෂක සභාව“ හෙට පස්වරු 2.30 පේරාදෙණිය ගැටඹේ සිට දළදා මාළිගාව වෙත පාගමනින් ගොස් විශේෂ අධිෂ්ඨාන පූජාවක නිරත වීමට නියමිතය. ඉන් පසු තමන්ගේ ඉදිරි වැඩපිළිවෙල රටට දැනුම් දෙන බවද එහි සංවිධායකයෝ පවසති.

Related posts

අධිකරණ නියෝග කඩකරමින් දෙමල සන්ධානය පාගමනක.|ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස වන සේ හැසිරෙයි.

colombotoday

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday

පාසලක බිත්ති දෙකකට සිරවූ දැරියක් බේරා ගනී

Admin

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

colombotoday

සඟවා තිබූ සහල් තොගයක් සොයා ගැනේ..

colombotoday