Colombo Today Local News

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ (IOC) නිලධාරීන් විසින් සිරකර තබාගෙන ඇත.

අදාළ තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා මෙම නිලධාරීන් විසින් ගෙන ගිය බැකෝ යන්ත්‍රය සහ ඔවුන් ගමන්ගත් මෝටර් රථයද ඉන්දියානු තෙල් සමාගම විසින් තමන් භාරයේ රඳවාගෙන තිබේ.

ඉන්දියානු තෙල් සමාගම විසින් මෙම නිලධාරීන් තිදෙනා සහ අදාළ වාහන පැය ගණනාවක්‌ තමන් භාරයේ රඳවා තබාගෙන ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ මැදිහත්වීම මත පසුව ඔවුන් මුදාහරින ලැබූ බව ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු වන ඩී. ෙ-. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියානු තෙල් සමාගම සතුව චීන වරායේ තෙල් ටැංකි 99 ක්‌ ඇති අතර ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉන්ධන ගබඩා කිරීම සඳහා ඉන් ටැංකි 16 ක්‌ පමණ ගැනීමට පසුගිය 06 දා ඇමැති මණ්‌ඩලය විසින් තීරණය කර ඇත.

එම තීරණය මත තෙල් ටැංකි තුනක්‌ මාසයක්‌ තුළද, ඉතිරි ටැංකි දහතුන මාස තුනක්‌ ඇතුළතද ඛනිජ තෙල් සංස්‌ථාවට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසීම සඳහා අදාළ ඉංජිනේරුවරයා සහ තවත් නිලධාරීන් දෙදෙනකු දින කිහිපයකට පෙරද චීන වරායේ ඉන්දියානු තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇත.

එහෙත් මෙම තෙල් ටැංකි නිරීක්‍ෂණයට ඉන්දියානු රජයේ අවසරය අවශ්‍ය බව පවසමින් අයි. ඕ. සී. නිලධාරීන් ඛනිජ තෙල් සංස්‌ථා නිලධාරීන් තිදෙනා ආපසු හරවා එවා ඇත.ඔවුන් තිදෙනා යළි පෙරේදා මෙම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය වෙත ගොස්‌ ඇති අතර කැබිනට්‌ අනුමැතිය ලබාදුන් තෙල් ටැංකි අවට ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ඔවුන් ඊයේ බැකෝ යන්ත්‍රයද ගෙන ගොස්‌ ඇත. එහෙත් ඒ අවස්‌ථාවේදී ඊට විරුද්ධවී ඇති අයි. ඕ. සී. නිලධාරීන් ඉන්දීය රජයේ අවසරය ලබාගෙන නැතැයි පවසමින් එම නිලධාරීන් තිදෙනා ඔවුන් ගමන්ගත් මෝටර් රථය සහ බැකෝ යන්ත්‍රය සිය භාරයට ගෙන රඳවා තබාගෙන ඇතැයි රාජකරුණා මහතා කීවේය.

මේ පිළිබඳව තොරතුරු දැනගත් පසු සංස්‌ථාව මැදිහත්වී ඔවුන් මුදවා ගත් බවද රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

Related posts

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරීමට මූලික සැලසුම් සකස් කරන්නට කමිටුවක්

colombotoday

සන්නස්ගල නට්ටං වෙයි..? අලුත් තනතුරකට රනිල් අතහැර ජනපතිගේ ඔඩොක්කුවට පනියි..?

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday

රන්ජන් කළ වැඩේ වැරදියි… ඒවට කියන්නෙ ගොං වැඩ – හිරුණිකා

colombotoday