Colombo Today Local News

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

සිංහල ජනතාව කිසි දිනක ජාතිවාදී ගමනක් නොයන බව අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ ගාලුමුවදොර පිටියේ ඉදිකළ ලොව විශාලතම කෘතිම නත්තල් ගස ඊයේ සිව් වැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

“අපිට දේශපාලන ප්‍ර‍තිපත්තියක් තිබිය යුතුයි. නමුත් ආගමික කටයුතුවලදී සහ ජාතික උත්සවයන්හිදී අපි සියලුදෙනාම එකා මෙන් සිටිය යුතුයි. මැතිවරණ කාලයට කළ යුත්තේ ඒ මැතිවරණ කටයුතු. නමුත් ඒ කාලයේදී ජාතිකත්වය මූලික කරගනිමින් ඡන්ද ලබා ගන්න උත්සාහ කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝමයක් සිංහල බෞද්ධ ජනතාව. ඒ වුණත් ඡන්දෙන් මම ජයග්‍ර‍ණය කළා. සිංහල බෞද්ධ ජනතාව කිසි දිනෙක ජාතිවාදී ගමනක් යන්නේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ජතිවාදය අවුස්සමින් මේ රටේ සාමය නැති කරන්න උත්සාහ ගන්න. නමුත් අපි එයට ඉඩ නොදිය යුතුයි. අපි සියලු දෙනාම එකට සිටිය යුතුයි.“ යැයිද ඇමතිවරයා කියා සිටියේය.

Related posts

ජනපති කඩුව වනයි.. කැපෙන්නේ කවුදැයි ඉගි කරයි !

colombotoday

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

Admin

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක්

colombotoday

ජනතාවට සේවය කරන්න ආව මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද?

colombotoday