Colombo Today Local NewsNew Constitution

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි

නව ව්‍යවස්ථාවෙන් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ විධායක බලතල සම්පූර්ණයෙන්ම කප්පාදු කර, ආණ්ඩුකාරවරයා නාමිත තනතුරක් බවට පත්කල යුතු බව උතුරු පළාත් සභාව සහ ද්‍රවිඩ සන්ධානය රජයට යෝජනා කර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා මහජන අදහස් කැදවූ අවස්ථාවේදීද දෙමළ ජාතික සන්ධානය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. මේ පිළිබදව අදහස් දක්වමින් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සදහන් කර ඇත්තේ, ආණ්ඩුකාරයා යන වචනයෙහි පවා අසීමිත බලයක් අඩංගු වන බැවින් ඔහුගේ අවසරයකින් තොරව පළාත්සභාවල සෙසු නියෝජිතන්ට කිසිවක් කළ නොහැකි තත්ත්වයත් උද්ගතව ඇති බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

උතුරු පළාත්සභාවේ යෝජනාව මෙසේ වුවද සෙසු පළාත් සභා යෝජනා කර තිබෙන්නේ වර්තමාන ව්‍යවස්‌ථාවේ ප්‍රකාරව පළාත් ආණ්‌ඩුකාරවරයාගේ බලතල ක්‍රියාත්මක විය යුතු බවය. වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පළාත් සභාවට පැනවිය හැකි ප්‍රඥප්ති පිළිබඳ කරුණුවලට පමණක්‌ ආණ්‌ඩුකාරවරයාගේ විධායක බලතල සීමාවේ. පළාත් ඇමැති මණ්‌ඩලයේ උපදෙස්‌ මත සහ ආණ්‌ඩුකාරවරයාගේ අභිමතය ඇතිනම් පමණක් විධායක බලතල ක්‍රියාත්මක කිරීමේ හැකියාව දැනට ඇත.

මේ අතර නව ව්‍යස්ථාවක් සැකසීම සදහා අගමැතිවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තාවෙන්ද උතුරු පළාත්සභාවේ ඉහත ඉල්ලීම ලබා දීමට යෝජනා කර ඇත. විධායක ජනාධිපතිවරයා නියෝජනය කරන පළාත් ආණ්ඩුකාර තනතුර නාමික තනතුරක් බවට පත්කර විධායක බලතල හැසිරවීමේ බලය පළාත්සභාවලට ලබා දීමට එමගින් යෝජනා කර ඇත.

අනු කමිටු වාර්තාව –  පිටුව 14


මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, පළාත් සභා සදහා විධායකයට සහ මධ්‍යම රජයට මැදිහත්වීමේ අවස්ථාව ගිලිහී යනු ඇති අතර පළාත් සභාවලට සිය අභිමතය අනුව ස්වාධීන තීරණ ගැනීමේ බලය ලැබෙන ඇත.

බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න

Related posts

කුඩු හේමමාලාගේ සයකයෙක් අල්ලයි

colombotoday

නව ව්‍යවස්ථාවට ජනමතවිචාරණයක් ස්ථීරයි – ඇමති කිරිඇල්ල

colombotoday

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

colombotoday

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

colombotoday

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

Admin

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday