රටේ සම්පත් සියල්ල විකුණා දැමීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇති බවත්, එබැවින් නන්දා මාලනියගේ “රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ“ නම් ගීය, ජාතික ගීය ලෙස නම් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කරයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මත්රීවරයා සදහන් කළේ, හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවයි.
හම්බන්තොට වරායේ තක්සේරුගත වටිනාකම ඩොලර් බිලියන 2.5 ක් වන බවත්, එහෙත් එය චීනයට පැවරීමට යන්නේ එම වටිනාකමෙන් භාගයකටත් වඩා අඩු මුදලකට බව ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහි දී සඳහන් කර සිටියේය.