Colombo Today Local News

නීතිපති පරණ නඩුවක් නැවත කැදවයි.. ඥාණසාර හිමි ඇතුළු 13කට නොතීසි

ggstro32බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුලූ 13 දෙනෙකුට අද අභියාචනාධිකරණයෙන් නොතීසි නිකුත් කෙරුණා. ඒ නීතිපතිවරයා විසින් ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලූ 13 දෙනෙකුට එරෙහිව ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ජනවාරි 20 වැනිදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස මෙලෙස නොතීසි නිකුත් කෙරුණා. 2008 වසරේදී තලාහේන අරලිය උයනේ කල්වාරි ආගමික දේවස්ථානයට බලහත්කාරයෙන් ඇතුලූ වී දේපළවලට අලාභහානි සිදුකිරීම මේ පිරිසට එල්ල වී ඇති චෝදනාවයි.

ඊට අදාලව මහාධිකරණයේ විභාග වූ නඩුවෙන් 2014 වසරේදී චූදිතයන් නිදොස්කොට නිදහස් කෙරුණා. එම තීන්දුව අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සම සළකා බලමින් රෝහිණී වල්ගම සහ කුමුදුනී වික‍්‍රමසිංහ යන විනිසුරුවරියන් මෙම නියෝගය ලබාදුන්නා.

Related posts

පාසලේ මත්පැන් සාදයක්.. සූර් වූ සිසුන් 8ක් රෝහලේ !

colombotoday

ඔස්ට්‍රියාවෙන් මොරටු සරසවියට නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක්

colombotoday

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday

ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

පොදුජන පෙරමුණට සහය පලකළ දේශපාලන පක්ෂ රැසක් එජාපය සමග එක්වෙයි

colombotoday

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday