Colombo Today Local News

ඔබාමා ලංකාවට එන්නයි හිටියේ.. වෙසක් නිසා බැරිවුණා.. අපරාදෙ !

mongala

අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පසුගිය මැයි මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබූ නමුත් එය වෙසක් පොහොය නිසා මඟ හැරී ගිය බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

බැරැක් ඔබාමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සුදානම් බව පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තාද පළව තිබූ නමුත් එවැනි සංචාරයක් සිදුවූයේ නොමැති අතර විදේශ ඇමති මංගල සමරවීර ඉන්දියාවේ “ද හින්දු” පුවත්පතට දුන් පිළිතුරක දැක්වෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙසක් සතියේදී සිදුවීමට නියමිතව තිබූ බවයි.

එහෙත් ලාංකික ජනතාව වෙසක් සතියේදී විවිධ ආගමික වතාවත්වල නිරතවෙමින් කටයුතු කරන සමයක අමෙරිකානු ජනාධිපතිවරයාගේ එම සංචාරය කල්දැමීමට සිදුවූ බවත්, මේ නිසා මෙතෙක් අමෙරිකානු ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන්නට යෙදුණු ප්‍රථම සංචාරයද මඟහැරී ගිය බව හෙතෙම පවසා තිබේ.

කෙසේ වුවද අමෙරිකානු ජනාධිපතිවරයා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සුහදව කතා බහකරමින් මිත්‍රශීලි සබඳතා ගොඩනගා ගත් බවත්, ඊට හොඳම උදාහරණය අමෙරිකානු ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් ජාත්‍යන්තර රැස්වීම්වලදී මුණ ගැසුණු අවස්ථාවල ඔවුනොවුන් සුහදව කතා බහ කිරීම යැයිද ඇමතිවරයා පවසා ඇත. එසේම අමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමගද යහපත් සබඳතාවයක් ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවද හෙතෙම පවසා තිබේ.

Related posts

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

colombotoday

ආදාහනයට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් මෘත ශරීරාගාරවල ගොඩගැසෙයි.

colombotoday

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday

විදුලිය ඉතිරි කරන්න රවීගෙන් යෝජනා තුනක්… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday