Colombo Today Local News

නැගෙනහිර ගම්බිම් වලින් සිංහල ජනතාව පන්නා දැමීමට එරෙහිව මඩකලපුවේ විරෝධතා !

2326595622ilමඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම කෙවිලියාමඩු පුළුකුනාව යන ගම්මානවල වාසය කරන සිංහල ජනතාවට එම ගම්මාන අත්හැර යන ලෙසට TNA විසින් බලපෑම් කරන බව පවසමින් ඊයේ (11) පෙරවරුවේදී එම ගම්මානවල සිංහල ජනතාව දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි.

රජයේ ඉඩම් අල්ලාගෙන සිංහල ජනතාව එම භූමිවල වගාබිම් සිදු කර ගෙන යන බවට, මඩකලපුවේ දිසාපතිවරයා විසින් චෝදනා කර එලෙස වගා කටයුතු වල නිරතවී සිටී සිංහලයන් 7 දෙනෙකුට නඩු පැවරීමටද දිසාපතිවරයා කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විරෝධතාවයේ නියැලුණු සිංහල වැසියන් පැවසුවේ, ඒ ඉඩම් වල සිංහල ජනතාව පමණක් නොව ද්‍රවිඩ ජනතාවද තම වගා කටයුතු සිදු කරමින් පවතින බවයි. නමුත් සිංහල ජනතාවට පමණක් මෙලෙස කෙණෙහිලිකම් සිදු කිරීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව ඔවුන් සදහන් කරනවා.

විරෝධතා කරුවන් මෙහිදි පැය ගණනක් ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණු අතරම , දින 15 ක් ඇතුලත මේ පිලිබදව විසදුමක් ලබාදෙන බවට ප්‍රාදේශිය ලේකම්වරයා එහිදි පොරොන්දු වීමත් සමගින් විරෝධතාවය නවතා දැමීමට, එම විරෝධතාකරුවන් තීරණය කලහ. සංහිදියාව යන වචනයට මුවාවී උතුරු – නැගෙනහිරින් සිංහල ජනතාව පන්නා දැමීම තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවයි විරෝධතාකරුවන් දිගින් දිගටම කියා සිටියේ.

මෙහිදී අම්පාර මංගලාරාම විහාරාධිපති සහ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාමසේවක අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.

අම්පාර මංගලාරාම විහාරාධිපති හිමියෝ චෝදනා කරන්නේ , විවිධ අභූත චෝදනා නගමින් මේ ප්‍රදේශවලින් සිංහල ජනතාව පන්නා දැමීමේ කුමන්ත්‍රණයක් දෙමළ ජාතික සන්ධානය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

001 002 003

Related posts

“රට අරාජිකයි.. සිරිසේන-රනිල් ආණ්ඩුව සංඝ භේදයත් ඇති කරලා.. නව දේශපාලන බලවේගයක් එනවා.. ස්ථීරයි“ – විමල්

colombotoday

සජිත්ගේ සන්ධානයට එරෙහිව රනිල් ‘අලියා‘ ලකුණින් මැතිවරණයට… අගමැති අපේක්ෂක කරු !

colombotoday

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

‘රටේ සියළු ආගම් සුරක්ෂිත කිරීමට නව රජය බැඳී සිටිනවා’ – ජනපති

colombotoday

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

colombotoday

ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටි

colombotoday