Colombo Today Local News

බාල දැරියන් විවාහයට ඉල්ලා “තව්හීද් ජමාත්“ කොටුව දෙවනත් කරයි.. සංඝරත්නයටත් තිත්ත කතාවෙන් බැණවදී

2565522

ෂරියා නීතියට අනුව බාලවයස්කාර දැරියන් විවාහ කර ගැනීමට මුස්ලිම් පුද්ගලයන්ට තිබෙන අයිතිය GSP+ ලබා ගැනීම වෙනුවෙන් කප්පාදු කිරීමට රජයට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් නමැති අන්තවාදී සංවිධානය පවසනවා. එම අයිතිය නැති කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, තමන් යටත් වන්නේ සර්වබලධාරී අල්ලාගේ නීතියට පමණක් බවත්, මෙරට ආරක්ෂක අංශවලට හෝ තමන් යටත් නොවන බවත් “අල්ලා හුඅක්බර්“ යැයි කෑ  ගසමින් ඊයේ කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයකදී ඔවුන් පවසා සිටියා.

“ඥාණසාර, අපිව නවත්තන්න උඹටත් බෑ.. උඹගෙ තාත්තටත් බෑ.. ඥාණසාරටත් බෑ නෝනසාරටත් බෑ.. “ යැයි පවසමින් එම සංවිධානයේ ප්‍රධානී අබ්දුල් රාසීක්දීන් නමැත්තා සංඝයාවහන්සේටත් එහිදී තදින් බැණවැදුනහ.

තවුහිද් ජමාද් නමැති සංවිධානයේ අබ්දුල් රාසික් මීට ඉහතදී බුදු රජාණන් වහන්සේ මිනී මස් වැළදු බවත්, තිසරණය යනු මැණික් ගල් තුනක් බවත් පවසමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති අතර ඊට එරෙහිව ගොණු කරන ලද නඩුවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ විභාග වෙමින් පවතිනවා. තවුහිද් ජමාද් නායකයා ලෙස හැදින් වෙන ඉන්දියානු ජාතික පුද්ගලයාට බොහෝ රටවලට ඇතුල්වීම තහනම් කරන ලද පුද්ගලයකු වන අතර ශ්‍රී ලංකාවට පැමිණි ඔහු මෙරටින් පිටුවහල් කරනු ලැබුවෙක්.

https://youtu.be/-LkN2Lysefc?t=177

g56232

Related posts

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

colombotoday

ආණ්ඩුවට කිසිම පාඩුවක් නෑ. ඉන්දන ලීටරයකින් ආණ්ඩුව ලබන ලාභ මෙන්න.

colombotoday

කන්කසන්තුරයේදී පොලිස් නිලදාරියෙකුට පහරදෙයි දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ලක් ඉතිහාසයේ ලොකුම අල්ලස, කෝටි 12/2 ගත් රේගු ලොක්කෝ 3ක් දැලේ

colombotoday

වරාය සේවකයින් වැඩ වර්ජන නවතා දැමීමට එකඟ වෙලා

colombotoday

නවතා තිබෙන ගුවන් යානයකට වසරකට කෝටි 130 ක්‌ ගෙවලා.- ශ්‍රී ලංකන් අභ්‍යන්තර විගණක පිළිගනී

colombotoday