Colombo Today Local News

“ටොසී“ බුද්ධි සේවාවේ මහ කොටියෙක් උතුරු ඇමතිගේ උපාය උපදේශකකමට

ltte232කොටින්ගේ “ටොසී” බුද්ධි සේවාවේ ප්‍රධානතම චරපුරුෂයකු උතුරු පළාත් සභාවේ ඇමැතිවරයකුගේ ප්‍රධාන උපාය මාර්ගික උපදේශක ලෙස කටයුතු කරන බව බුද්ධි අංශ හඳුනාගෙන ඇත.

මොහු හඳුනාගනු ලැබුවේ වසර 7 කට පසුවය. වන්නි මෙහෙයුමෙන් පසු බ්‍රිතාන්‍යයට පැන ගිය මොහු යළි මෙරටට පැමිණ උතුරට ගොස්‌ එම ධුරය ලබාගෙන ඇත.

මෙතෙක්‌ මොහුගේ පත්වීම රහසක්‌ ලෙස පැවැති අතර ඔහු උතුරු පළාත් සභා රැස්‌වීම්වලට පවා පැමිණීමෙන් වැළකී තිබේ.

කොටි දේශපාලන නායක තමිල් සෙල්වම් සහ බටහිර රටවල තානාපතිවරුන් අතර පැවැති සාකච්ඡාවලදී මැදිහත්කරුවකු ලෙස ක්‍රියා කළ මෙම පුද්ගලයා හෝටල් සේවකයකු ලෙසද කටයුතු කර ඇත.

මෙම ටොසී චරපුරුෂයා පසුගියදා ලන්ඩන් නුවරට පැමිණි අවස්‌ථාවේ කොටි විරෝධීන් විසින් ඔහු හඳුනාගෙන තිබේ.

දිවයින

Related posts

අයවැයට එරෙහිව රට පුරා වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

colombotoday

ටෙලි නිලියක් මහ රෑ ‍ගේට්ටුවත් කඩාගෙන පාර්ලිමේන්තු ගිහින්… ගොඩින් බේරෙන්න තරුණ ඇමතිගෙන් අත හිත

colombotoday

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

colombotoday

පරිසරය වනසන ත්‍රස්තවාදියාට එරෙහිව මෙහෙයුම ඇරඹුනා – විල්පත්තුවේදී හමුදාපති කියයි…

colombotoday

ඉන්දියානු ලොරි චැසි බස් වෙනුවට සැපපහසු නවීන බස් රථ 2000ක් යුරෝපයෙන් ගෙන්වයි !

colombotoday

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday