ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මහා පරිමාන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වූ කෝප් කමිටු පරීක්ෂණය සම්බන්ධයෙන් එහි සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාව බහුතරයෙන් සම්මත වී ඇති බව වාර්තා වේ.
බැදුම්කර වංචාට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වරදකරු කරමින් ඉදිරිපත් වූ මෙම වාර්තාවට එරෙහිව වීරෝධය දක්වා ඇති කෝප් කමිටුව නියෝජනය කන එජාප මන්ත්‍රීවරුන් තවත් වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ කෝප් කමිටුවේ අවසන් වාර්තාව සදහා කමිටුවේ සියළු සාමාජිකයන්ගේ එකගත්වය ගැනීමට නොහැකි වී ඇති බැවින් බොහෝ දුරට මෙම ආන්දොලානාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තා දෙකක් මත දෙකක් සහිතව එලි දැකවීමට බෙහෙවින් ඉඩකඩ ඇත.