Colombo Today Local News

ජනපති සිරිසේන ශ්‍රීලනිප සභාපතිකම ගත්තේ එජාප ආණ්ඩුව රකින්නයි ! – ප්‍රසන්න රණතුංග

prasannaමෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය ලබා ගත්තේ පක්‍ෂයට ඇති ආදරය නිසා නොව එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව රැක ගැනීමට බව එකාබද්ධ විපක්‍ෂයේ කදවුම් කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයෙන් පසු අගමැති වරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කර ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ඔහුට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය අවශ්‍ය වූ බවයි. ඒ නිසා විවිධ බලපෑම් කොට පක්‍ෂ සභාපතීත්වය ලබා ගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආන්ඩුවට ගැට ගැසීමට සිරිසේන මහතා කටයුතු කළ බව රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදි ඊයේ (3) පැවති ගම්පහ දිස්ත‍්‍රික් පලාත් පාලන මන්ත‍්‍රී සංසධයේ රැස්වීමකදී රණතුංග මහතා මේ බව සඳහන් කලේය.

මෙම රැස්වීමට ගම්පහ දිස්ත‍්‍රීක්කයේ පළාත් පාලන ආයතන 19 යක නියෝජිතයෝ 200 යකට ආසන්න පිරිසක් සහාභාගී වී සිටියහ මෙහිදි විශේෂ යෝජනා 4 ක් ද සම්මත කර ගැනුනි. ඉන් එක් යෝජනාවක දැක්වුනේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය පිලිබදව තවදුරටත් විශ්වාසය නොමැති බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් නව ජාතික බලවේගයක් වහා ගොඩනගා ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා එම ජාතික බලවේගය යටතේ සියලූ දෙනා ඉදිරිපත් විය යුතු බවයි. එම යෝජනාව සියළු දෙනා අත් ඔසවා අනුමත කළහ.

 

Related posts

ෂැඩෝ කැබිනට්ටුව ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කතාව

colombotoday

දිවයින පුරා තැපැල් සේවකයින් අදත් සංකේත වැඩවර්ජනයක..

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

ඒකාබද්ධ විරෝධතාවට වනාතමුල්ලේ දී ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Admin

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

මැදවච්චියෙන් බෝම්බයක් හමුවෙයි

colombotoday