Colombo Today Local News

නාමල්ගේ GM සුජානි බෝගොල්ලාගමට ඇප.. රට ගමන් තහනම් !

Namal Sujani

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් කොපරේෂන්හි සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම මෙනෙවිය කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් ඊයේ(26) බර ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

නාමල් රාජපක්ෂ මහතාගේ එන්ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේහි සිදුවූ බව කියන රුපියල් මිලියන 45ක වංචාවක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනුණි.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 100 බැගින් වු ශරිර ඇප 04 ක් මත ඇය මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරය‍ා ඇයට විදෙස් ගමන් ද තහනම් කළේය.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපැම් නොකරන ලෙසත් මසකට වරක් පොලිසිය ඉදිරියේ පෙනී සිටින ලෙසත් ඇයට නියෝග කෙරිණි.

Related posts

බෝම්බ බියක් නිසා අනුරාධපුර පාසල් කලින් වසයි

colombotoday

සංචරණ සීමා අතර මත්පැන් අලෙවියට අවසර හිමිවූ හෝටල් 82ක මෙන්න

colombotoday

මත්කුඩු ජාවාරම මැඩලීමට අලුත් බලකායක් වැඩට බහී…

colombotoday

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

colombotoday

මැති – ඇමතිවරු ජනතාව වෙනුවෙන් අයවැය අහපු හැටි මෙන්න (PHOTOS)

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයට උපදෙස් ගන්න හිටපු කොටි උපදේශක ශිවා පසුපතිත් කැදවයි

colombotoday