Colombo Today Local News

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

japan451

ජපන් අධිරාජයා වසර පහකට පසු එරට ජනතාව අමතමින් තමා රජකම අත්හර දැමීමට සූදානම් යැයි අද (8) කීවේය. ජපන් අධිරාජයා වන අකිහිතෝ මෙලෙස රූපවාහිනියේ පෙනි සිටින්නේ දෙවැනි වරටය.

රජකම අත්හැරීමට ජපාන ව්‍යවස්ථාවෙන් අවසරයක් දී නැති බවත් ජපාන ව්‍යවස්ථාවට අනුව අධිරාජයාට කිසිදු දේශපාලන බලයක් නොමැති අතර රජකම අත්හැර යෑම දේශපාලනයට පිවිසීමක් ලෙස සැලකෙන බවත් ඒ අනුව නව නීතියක් සැකැසෙණු ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.

ජාතියේ සංකේතයක් ලෙස තම වගකීම් ඉටු කිරීමේදී ලැබූ අත්දැකීම් ගැන ජපාන අධිරාජයා තම අදහස් ප්‍රකාශ කරනු ඇතැය ද රජ මාළිගයේ තොරතුරුවලින් කියැවිණි. ජපාන අධිරාජයා ජනතාව ඇමතීමෙන් පසු අගමැති ෂින්සෝ අබේ අධිරාජයාගේ ප්‍රකාශය පිළිගන්නා බවත් ඉදිරියේදී කළ යුතු දේ පිළිබඳ සාකච්ඡා කරන බවත් ප්‍රකාශයක් කරමින් කීය.

අසූ දෙවැනි වියෙහි පසුවන ජපාන අධිරාජයාගේ කලින් පටිගත කරන ලද විනාඩි දහයක පණිවිඩයක් මේ ආකාරයෙන් එරට වේලාවෙන් පස්වරු තුනට විකාශය කළේය.

ජපාන කිරුළේ පළමු උරුමක්කරු වන්නේ වත්මන් අධිරාජයා වන අකිහිතෝ රජුගේ පුතු වන 56 හැවිරිදි නරුහිතෝ කුමරුය. දෙවැනි උරුමක්කරු වන්නේ ඔහුගේ බාල සොහොයුරුවන අකිෂිනෝ කුමරුය. කාන්තාවන්ට ජපානයේ ඔටුනු පැළැඳිය නොහැකි අතර එම නිසා නරුහිතෝ කුමරුගේ දියණිය අයිකෝට කිරුළ පැළැඳීමට අවස්ථාවක් හිමිවන්නේ නැත.

ඉතිහාසයේ පටන් ජපාන අධිරාජයා අර්ධ දිව්‍යමය බලතල ඇත්තකු ලෙස සැලකුණි. එහෙත් දෙවැනි ලෝක යුද්ධයේ දී ලද පරාජයත් සමඟ අකිහිතෝ අධිරාජයාගේ පියා වූ හිරෝහිතෝ දේවත්වයෙන් සැලකූ බලතල ඉවත දමමින් ජනතාවගේ සමගිය උදෙසා රාජ්‍යයේ සංකේතයක් ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය.

Related posts

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අද සිට ම වැසේ

Admin

කරුණාට ඇප.. රට ගමන් තහනම් !

colombotoday

රාජිත හමුවීමට තරම් දත් රෝගීන් ඒකාබද්ධයේ නෑ – ඩලස්‌ අලහප්පෙරුම

colombotoday

උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්න – පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin