Colombo Today Local News

නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන රටට කියන්න – මල්වතු මහා නාහිමියෝ කියති

malwathu nahimiනව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළව බුදු දහම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති චෝදනාවන්ට ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් පෙන්වා දෙනවා දෙති.

අමාත්‍ය සරත් අමුණුගම ඊයේ 06 මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දුටු අතර එම අවස්ථාවේ මහනායක හිමියන් අමාත්‍යවරයාට මේ බව පවසා තිබේ.

මහනායක හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ද බුදු දහමට ලබාදී ඇති ප‍්‍රමුඛස්ථානය ඒ අයුරින්ම සුරක්ෂිත කෙරෙන බවය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් තව දුරටත් සිදු කළ කරුණු විමසීමකදී ඊට ඔහු ප‍්‍රතිචාර දැක්වමින් සඳහන් කළේ බුදු දහම සම්බන්ධයෙන් යෝජිත ව්‍යවස්ථාවේ ඇති කරුණු යැයි පවසමින් පතුරුවන කටකතාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවය.

Related posts

ඉදිරියේ හිතුමතේ ආගමික ස්ථාන හදන්න බැරිවෙයි.. දැඩි නීති ගෙනෙන්න යයි…

colombotoday

මහා බැංකුවේ ක්‍රියා කලාපයට එරෙහිව මම තනිව සටන් කළා – රවී කරුණානායක කියයි

colombotoday

ඇෆ්ලටෝෆ්සින් අඩංගු බඩඉරිඟු ඇට බහාලුම් 15 ක් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයි

colombotoday

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඩොලර් මිලියන 300ක් ඕනෑ

colombotoday

සමෘද්ධි වැඩපිළිවළ යළි සමාලෝචනය ලබන 01 වැනි දා ආරම්භ කෙරේ.

colombotoday