යාපන විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සිංහල සිසුන්ගේ දෙමව්පියන් තම දරුවන් ආපසු විශ්වවිද්‍යාලයට යැවීමට බැහැයි කියනවා. ඒ ආරක්‍ෂාවක් නැති නිසා. මේ දෙමව්පියන් තම දරුවන් එකී විශ්වවිද්‍යාලයට යැවූ අය බව අමතක කරන්න බැහැ. ඔවුන් එසේ යවන විට මෙවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අද ප්‍රශ්නයක් තිබෙනවා. 2009 මැයි මාසයේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ නැවතත් සිංහලයන්ට බය නැතිව ගමන් බිමන් යෑමට තිබූ අයිතිය හා නිදහස අද නැති වෙලා. රටවැසියකුට තම රටේ ඕනෑම තැනකට බයක් සැකක් නැතිව යෑමට ලබාදුන් අයිතිය හා නිදහස මේ දීන බටහිර ගැති ආණ්ඩුව නැතිකරලා.
අද තියෙන්නෙ සිංහලයන්ට සිංහලයන් වීම නිසා ම යාපන විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක්. මේක දෙමළ ජාතිවාදයේ ම එක් කොටසක් පමණයි. දෙමළ ජාතිවාදය අද නැවතත් බලසම්පන්න වෙලා. ඒකට මේ බටහිර ගැති සිංහල විරෝධී දීන ආණ්ඩුව සම්පූර්ණයෙන් ම වග කියන්න ඕන. උතුරු පළාතෙ ආණ්ඩුකාරයා රෙජිනෝල්ඩ් කුරේ, චන්ද්‍රිකාගෙ අනුගාමිකයා, කියනවා බය නම් සිංහල ශිෂ්‍යයන්ට යාපනයට නොගිහින් ඉන්න කියා. මෙයා මොන ආණ්ඩුකාරයෙක් ද? එයා ජනාධිපතිගෙ නියෝජිතයා. මෛත්‍රිපාල ඒ ගැන මොකද කියන්නෙ. හෝඩියෙ ඉඳන් ශිෂ්‍යයන්ට ඊනියා සංහිඳියාව ගැන උගන්නන්න ද? ඔය සංහිඳියාව සිංහලයන්ට විතර ද? දෙමළ ජනයාට සංහිඳියාව උගන්වන්න පඬියන් කවුරුන්වත් නැත්තේ ඇයි? කිසිම චාරිකාවක් නොකර චරත භික්ඛවෙ කියමින් කොළඹ වැඩවසන භික්‍ෂූන් වහන්සේ කිහිප නම යාපනයට වැඩම කර දෙමළ ශිෂ්‍යයන්ට සංහිඳියා බණ දෙසුවොත් නරක ද?
යාපන විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 60%ක් පමණ සිංහල ශිෂ්‍යයන් ඉන්න බව කියනවා. ප්‍රශ්නය වනුයේ සිංහල ශිෂ්‍යයන් බහුතරයක් වූ නවකයන් පිලිගැනීමකට වෙස් නැටුමක් ඉදිරිපත් කරන්න බැරි ද යන්නයි. මෙය බහුතර ආධිපත්‍යයක් ද සුළුතර ආධිපත්‍යයක් ද යන්න කීම මීහරකුන්ට හා මීහරකියන්ට බාරයි. ඉතා පැහැදිලිව ම අද රටේ නීති දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ තේසවලාමේ හා රෝම ලන්දේසි නෙවෙයි. තේසවලාමේත් ඉන්දියාවේ මුස්ලිම් ජනයාගේ නීතියක්. ඒ බව සසිදරන්ට ඇප දෙන්න ගිය සුමන්තිරනුත් සමහරවිට දන්නේ නැතුව ඇති. ඒ නීතිය ලන්දේසීන් 1707 දී සංගෘහිත කළ එකක්. පස්සෙ ඉංගිරිසින් එය තවත් තහවුරු කළා. ඒ සිංහලයන් යාපනයෙන් ඈත් කරන්න. රටේ ඇප දෙන්නෙ දෙවිධියකට. සසිදරන්ට හා හිරුණිකාට ක්‍ෂණික නූඩ්ල්ස් වගේ ක්‍ෂණික ඇප.
යාපන විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් යවන්න දෙමව්පියන් අකමැති නම් ඔවුන්් බලෙන් යවන්න බැහැ. දරුදුක දන්නේ වැදූ හැදූ දෙමව්පියන් මිස සමලිංගිකයන් නෙවෙයි. කොහොමත් දැන් තේසවලාමේ නීතිය වෙනත් ආකාරයකින් යාපන විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාලය සිංහල සිසුන්ට අහිමි කිරීමෙන්. මේ විශ්වවිද්‍යාලයත් නඩත්තු වන්නේ රජයේ මුදලින්. රජයට වැඩියෙන් මුදල් ලැබෙන්නේ වක්‍ර බදුවලින්. වක්‍ර බදු වැඩියෙන් ගෙවන්නේ සිංහලයන්. ඔවුන්ගේ දූපුතුන්ටත් දැනුම් වළක් වුවත් යාපන විශ්වවිද්‍යාලයට ගිය හැකි වාතාවරණයක් සපයන්න පුළුවන් ආණ්ඩුවක් හැකි ඉක්මනින් පත්කර ගන්න ඕන. එතකොට අර ආණ්ඩුකාරයාට ගෙදර නවතින්න පුළුවන්.
උපුටා ගැනීම – මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ ලිපියකින්