Colombo Today Local News

මෙරට ජනගහනයෙන් 23.4% දුම්බොන්නන්.. එයින් 3%ක් පාසල් සිසුන් !

school sl

ශ්‍රී ලංකාවේ දෛනිකව දුම් පානය කරන පුද්ගලයින්ගෙන් 3%ක් පාසල් දරුවන් බව අනාවරණය වී තිබේ.

පසුගිය 2015 වසරේ සිදුකළ සංගණනයට අනුව මෙරට දුම් පානය කරන්නන්ගේ සංඛ්‍යාව 23.4%ක් බව අනාවරණය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියාසිටියේ, 2020 දී දුම්වැටියෙන් තොර ශ්‍රි ලංකාවක් යන්න තේමා කරගනිමින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී ප්‍රකාශකළේ දුම්කොළ මානව සම්පත විනාශ කිරීමට පැමිණි ඛේදවාචකයක් ලෙස තමා හඳුන්වන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව 20 වන ශතවර්ෂය තුළ දුම්කොළ භාවිතය හේතුවෙන් මරණ මිලියන100ක් සිදුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ය.

Related posts

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් තනතුරට ගෝලයෙක් පත්කරගන්න හිස්බුල්ලාගෙන් බලපෑම් !

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday